Posts

Showing posts from June, 2019
Image
තරගයක් ආරම්භයේදී මෙම මූලධර්ම අනුගමනය කරන්න.    1.පුවරුවේ මැද පාලනයට පෝන්වරයෙකු යොදාගන්න. (1.e4,1.d4,1.c4)  2.බිෂොප්වරුන්ට ප්‍රථමයෙන් නයිට්වරුන් පිටතට ගන්න. 3.ඉන්පසු පුවරුවේ මැද පාලනය වැඩි වන පරිදි බිෂොප්වරුන් පිටතට ගන්න. 4.මෙහිදී වැඩිම දුරකට ආරක්ෂාකාරීව ගමන් කළ හැකි පරිදි පිටතට ගැනීම සිදු කරන්න. 5.හැකි ඉක්මණින් රජුව බළකොටු ගත කරන්න. (කාසල් කරන්න.) 6.රැජිණ කොටුවක් හෝ දෙකක් පිටතට ගන්න. (මෙය හැකි තරම් කොටු ගණන අඩු වන පරිදි සිදු කරන්න.මෙහි අරමුණ රුක් වරුන් සමගි කරවීම බවද සළකන්න.) 7.වර්ධනය නොවූ ඉත්තන් වර්ධනය කරන්න. 8.මැද ක්‍රීඩාව ගැන ද සිතා ඇදීම් සිදු කරන්න. 9.හේතුවක් නොමැතිව එකම ඉත්තා කිහිප වරක් ඇදීමත්, ප්‍රතිවාදී ඉත්තන්ට පහර දීමත් සිදු නොකරන්න. 10 විශිෂ්ට ක්‍රීඩකයින්ගේ තරග ඇසුරෙන් මෙම මූලධර්ම වල වලංගුභාවය පරීක්ෂා කරන්න. පහත වීඩියෝව නරඹන්න.  SL CHESS ACADEMY